සභා තොරතුරු
මහියංගණ ප්‍රාදේශීය සභාවේ ආරම්භය හා මේ දක්වා ව්‍යාප්තිය මහියංගණ ප්‍රාදේශීය සභාවේ ආරම්භයේ සිට මේ දක්වා ව්‍යාප්තිය දෙස ආපසු හැරි බැලිමේදි එදා සිට ක්‍රමක් ක්‍රමයෙන් දියණුව කරා පියමන් කර ඇති බව ඉතා හොඳින් පෙනෙන කරුණකි. 1990 ප්‍රාදේශිය සභා ස්ථාපනයට පෙර “ සංවර්ධන සභාව” ලෙසත් එයටත් පෙර අතීතයේ “ඌව බින්නතැන්න ගම්සභාව” වශයෙන්ද මෙහි පාලන කටයුතු සිදුකරන ලදි. එවකට ගම්සභා කාර්යාලය මහියංගණ පොදු ක්‍රීඩාංගණය ඉදිරිපිට දැනට නිවාඩු නිකේතනය වශයෙන් පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන ලදි. මුල් වකවානුවේදි ගම් සභාවට විශාල ආදායමක් නොතිබුණි. එවකට ගම්සභාවට ආදායම් ලබාගැනිමේ කඩ කාමර 72ක්ද වරිපනම් ඒකක 600 ක්ද වෙළඳ බලපත්‍ර ඒකක 500 ක් හා මහියංගණ සතිපොලෙන් ලැබුණු මුදල විශේෂ ආදායම් වශයෙන් හැඳින්විය හැක. ඉන්පසු 1989 වර්ෂයේ පැවති ගම්උදාව මහියංගණයේ පැවැත්වීමත් සමඟම මහියංගණ නගරය සීඝ්‍ර දියණුවකට පත්විය. ඒ අනුව දැනට ප්‍රාදේශිය සභා කාර්යාලය පිහිටි මියුගුණගම කොට්ඨාසය ගම්උදා භූමිය ලෙස සකස් විය. ඒ අනුව දැනට පාර්ලිමේන්තුවේ ආකෘතිය අනුව ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ලක් මහනුවර ශ්‍රි දළඳා මාළිඟයේ ආකෘතිය අනුව මහජන පුස්තකාලයත්, නිදහස් චත්රරස්ර ගොඩනැගිල්ල ආකෘතිය අනුව ළමා පුස්තකාලයත්, ඉන්දියාවේ බුද්ධගයා ආකෘතිය අනුව බුද්ධගයාවත් හෙළදිව වෙනුවෙන් වීරෝධාර ලෙස කැපවීම් කළ හෙළ විරුවන්ගේ පිළිරූ නගරයේ ඉදිකරන ලදි. 1990 සිට මේ දක්වා මහසභා වාර හයක් නියෝජනය කරනු ලැබු අතර මහියංගණ ප්‍රාදේශිය සභාවේ පළමු සභාපතිවරයා වන්නේ මහානාම දැදිගම මහතාය. එවකට ප්‍රාදේශිය සභාවේ නියෝජනය සඳහා මන්ත්‍රීධූර 12ක් පැවති අතර නව සංශෝධනයත් සමග මහියංගණ ප්‍රාදේශිය සභාවට මන්ත්‍රීධූර 24ක් හිමිව ඇත. 2023 මාර්තු මස 19 වන දින ප්‍රාදේශීය සභා විසුරුවා හැරීමත් සමඟ මේ වන විට මහජන නියෝජිතයින් නොමැතිව පාලනයය වේ. එවකට සමස්ථ කාර්ය මණ්ඩලය 25 ක්ව පැවතියත් අද එය 106 කින් යුක්ත කාර්ය මණ්ඩලයක් ලෙස වර්ධනය වී ඇත. මේවන විට මහියංගණ, දිවුලපැලැස්ස හා ගිරාඳුරුකෝට්ටේ සතිපොළ තුනක්ද, කුලී අයකර ගැනිම සඳහා කඩකාමර 212 ක්ද, වරිපනම් ඒකක 2080 ක්ද, වෙළද බලපත්‍ර ලබාගන්නා ස්ථාන 2000 ක් පමණද බතලයාය හා දඹාන වශයෙන් ජල ව්‍යාපෘතීන් දෙකකින්ද, ආදායම් ලබන අතර නාගරික සංවර්ධන අධිකාරියෙන් මේවන විට පවරා දී ඇති සි.ටි.බි. බස්නැවතුම්පලෙහි කඩ කාමර 42න් කඩ කාමර 18ක කඩ කුලිය අයකර ගනී. තවද ඉදිවෙමින් පවතින නව වෙළද සංකීර්ණයේ කඩ කාමර 66 න් මේ වන විට කඩ කුලිය කඩ කාමර 06කින් ලැබෙන අතර සියළුම කඩ කාමර මහියංගණ ප්‍රාදේශිය සභාවට පැවරුනු පසු විශාල ආදායමක් ලබාගැනිමට හැකිවේ. මේවන විට කසළ කලමණාකරන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබාගැනීමට, ගිරාඳුරුකෝට්ටේ සතිපොළ සංවර්ධනය කිරීම කාර්යාලය වෙන් කිරීම ( පෙරටු කාර්යාලය හා සභා ලේකම් කුටිය) හා තවත් සංවර්ධන යෝජනා රාශියක් ක්‍රියාත්මක වූ අතර ප්‍රාදේශීය සභාවේ කටයුතු පහසුකරලීම සඳහා පරිඝනක ලබාගැනීම සඳහා නියමිත අතර ප්‍රදේශයේ දියුණුව උදෙසා ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය මඟින් ලැබීමට ඇති ප්‍රතිපාදන මඟින් මහියංගනය නගරයේ බහුකාර්ය ගොඩනැඟිල්ල ස්ථාපනය කිරීමට නියමිතය. ඒ අනුව 2024 වර්ෂයේ ප්‍රාදේශිය සභාවේ අරමුදල් හා අනෙකුත් ප්‍රදානයන් නිවැරදි මූල්‍ය කළමනාකරණයකින් යුතුව යොදවා මහියංගණ ප්‍රාදේශිය සභාව හා බල ප්‍රදේශය සංවර්ධනයක් කරා ගෙන යාමට හැකිවනු ඇත.
සභාපතිගේ නම
වසර