භූමදානය සහ ආදාහනය
01.ආදාහනය කිරීමට අදාල අයදුම්පත්‍රය මිය ගිය අයගේ ළගම ඥාතියෙකු විසින් සම්පූර්ණ කළ යුතුය.
02.ඉල්ලුම්පත්‍රයේ තෙවන පිටුවේ සඳහන් ග්‍රාම නිලධාරි වාර්තාවේ ආදාහනය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කළ යුත්තේ මිය ගිය අයගේ ළගම ඥාතින් තිදෙනෙකු විසිනි.
03.මියගිය අයගේ ජාතික හැදුනුම්පතේ පිටපතක් අමුණා තිබිය යුතුය.(මුල් පිටපත රැගෙන ආ යුතුය)
04.ඉල්ලුම්පත සම්පූර්ණ කරන අයගේ හැදුනුම්පතේ පිටපතක් අමුණා තිබිය යුතුය.(මුල් පිටපත රැගෙන ආ යුතුයි)
05.මිය ගියේ නිවසේ නම් ග්‍රාම නිලධාරි සහතිකය (බී-24 ග්‍රාම නිලධාරියෙකු විසින් නිකුත් කරනු ලබන මරණ වාර්තාව)අමුණා තිබිය යුතු අතර,දේහය අදාහනය කිරීමට සුදුසු බව ග්‍රාම නිලධාරි විසින් නිර්දේශ කර තිබිය යුතුය.
06.මිය ගිය අයගේ මරණ පරීක්ෂණයක් සිදුකරන ලද්දේ නම් මරණ පරීක්ෂන වාර්තාව තිබිය යුතු අතර එහි අදාහනය කිරීමට සුදුුසු බව සටහන් කර තිබිය යුතුය.(මරණ පරීක්ෂණ තැනගේ සහතිකය 39(1) සහ 41(1) (උ) වගන්තිය)
07.මිය ගියේ රෝහලේදී නම් මෘත දේහය ඥාතින්ට භාරදීමේ ආකෘතිය අමුණා තිබිය යුතු අතර එහි වෛද්‍යවරයා විසින් දේහය අදාහනය කිරීමට අවසර දී තිබිය යුතුය.තවද,රෝහල් වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිට මියගියේ නම් වාට්ටුභාර වෛද්‍ය නිලධාරියා විසින් නිකුත් කරනු ලබන මරණ ප්‍රකාශය සහිත ලියවිල්ලේ ඡායාපිටපත අමුණා තිබිය යුතු අතර,මුල් පිටපත රැගෙන ආ යුතුය.
076 674 80 46
ගංගා
076 905 65 08
ගාමිණි